හෙළයේ මහා සිනමා මංගල්‍යයෙන් …

– 2019 වසරේ හොඳම නිළිය සමාධි ලක්සිරි

– 2020 වසරේ හොඳම නළුවා කුමාර තිරිමාදුර

– 2020 වසරේ හොඳම නිළිය නීටා ප්‍රනාන්දු

– 2019 වසරේ හොඳම නළුවා බිමල් ජයකොඩි

– 2019 වසරේ හොඳම චිත්‍රපටය ‘දැකල පුරුදු කෙනෙක්’

– 2020 වසරේ හොඳම චිත්‍රපටය ‘ද නිවුස්පේපර්’

 

35 වැනි ලක්ස් සරසවිය සිනමා සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (28) සන්ධ්‍යාවේ පැවැත්විණි.

එහිදී 2019-2020 වර්ෂවල හොඳම නළුවා සහ නිළිය සඳහා සම්මාන හිමි කරගත් සමාධි ලක්සිරි, කුමාර තිරිමාදුර, නීටා ප්‍රනාන්දු සහ බිමල් ජයකොඩි සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙලෙසිනි.

2019 වසරේ හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘දැකල පුරුදු කෙනෙක්’ වෙනුවෙන් මොහොමඩ් ඇඩම්ලි සහ 2020 හොඳම චිත්‍රපට නිෂ්පාදනය සඳහා ‘ද නිවුස්පේපර්’ වෙනුවෙන් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් සම්මාන හිමි කරගත් අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.

ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහත්වරුද අනුග්‍රාහක යුනිලීවර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශමාරා සිල්වා මහත්මිය ද මෙහි සිටිති.