ලේක්හවුස් බෞද්ධ සංගමයේ බිනර පොහොයදා දම් දෙසුමෙන්…
September 26, 2023


ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් බිනර පොහොය නිමිත්තෙන් සංවිධාන කරන ලද ධර්මදේශනයක් ආයතන පරිශ්‍රයේදී ඊයේ (25) පැවැත්විණි. ලුනාව ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යානාංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ ධර්ම දේශනාව පැවැත්වූහ.
ලේක්හවුස් නිර්මාතෘ දිවංගත ඩි.ආර්. විජේවර්ධන මැතිඳුන්ට පින් අනුමෝදනා කිරීමත්, ආයතනයේ සේවය කර මිය ගිය සේවකයන්ට පින් පැමිණවීමත් දැනට සේවයේ නියැළි සියලු සේවකයන්ට ආශිර්වාද කිරීමත් මේ දම් දෙසුමේ අරමුණයි.
ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහ සේවක සේවකයන් පිරිසක් මේ පින්කමට සහභාගි වූහ.