ලේක්හවුස් බෞද්ධ සංගමයෙන් සංවිධාන කළ ධර්ම දේශනය

එළැඹෙන නිකිණි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන්, ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ට පින් අනුමෝදන් කිරීම, ආයතනයේ සේවය කර මිය පරලොව ගිය සියලුම සේවක මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කිරීම සහ දැනට සේවයේ යෙදී සිටින සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම උදෙසා ලේක්හවුස් බෞද්ධ සංගමයෙන් සංවිධාන කළ ධර්ම දේශනය  (28) දින ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්විණි. මහාචාර්ය ඉඳුරාගරේ ධම්මරතන අනුනාහිමියන් විසින් ධර්ම දේශනය පවත්වන ලදි.
 
එහිදී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති (ලේක්හවුස්) මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ධර්ම දේශනයට ආරාධනා කළ අයුරු සහ ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවක සේවිකාවන් මේ අවස්ථාවට සහභාගීව සිටි අයුරු ඡායාරූපවලින් දැක්වේ.