මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව 59 වැනි වරටත්

මහින්දාගමනය සිහිකරමින් ජූනි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා තෙදිනක් තුළ මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැති මිහින්තලා ආලෝක පූජා පුණ්‍යෝත්සවය ජූනි 24 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් විවෘත කෙරුණු අවස්ථාවයි මේ. මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසනා පරිදි පැවැත්වූ මෙම ආලෝක පූජා පුණ්‍යෝත්සවයට ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය

රඹුක්වැල්ල, ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න ඇතුළු ආරාධිතයන් රැසක්ද එක්විය.

වසර 1963 ආරම්භ කරන ලද මිහින්තලා - ලේක්හවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වුණේ 59 වැනි වරටය. බැතිබර දායකත්වය සැපයූයේ ඩයලොග් ආයතනය වන අතර සම දිරිගැන්වීම ලංකා විදුලිබල මණ්ඩලය මඟින් සිදු කරන ලදී.