|
|||||||||||||||||
|
මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලයේ විදුහල්පති ඩී. එම්. ඒ. දිසානායක මහතා මේ පාසලේ 11 වසර දක්වා පංති තිබෙනවා. අපට 1990 වසරේ දී ලේක්හවුස් ආයතනයෙන් විද්‍යාගාරයකට අවශ්‍ය උපකරණ ලබා දුන්නා. ඒ නිසයි මේ විද්‍යාලයට විද්‍යාගාරයක අඩුපාඩුව නැති වුණේ. ඒක හරිම ප්‍රයෝජනවත් පරිත්‍යාගයක්. මේ පාසලේ ඉගෙන ගන්න වැඩි දරු පිරිසක් එන්නේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල යුද්ධයෙන් අවතැන් ව සිටින අශෝකපුර ගමේ සිටයි. මිහින්තලේ කටුපොත ප්‍රදේශයේ දරුවන් හට නිදහස් අධ්‍යාපනයේ අයිතිය භුක්ති විදින්නට ‘අ’ යන්න කියන්නට වරම් ලබා දුන්නේ ද පත්තර මහ ගෙදරයි. මිහින්තලා ආලෝකභාරයේ පරිත්‍යාගයක් ලෙස ලේක්හවුස් අතුරු මිතුරු පෙර පාසල් 1995 දී ආරම්භ විය. මේ එම පෙර පාසලේ ආරම්භයේ සිට මේ දක්වා කටයුතු කරන තමරා කුමාරි ඒකනායක ගුරු මහත්මියගේ අදහස්ය. ‘ඇත්තටම මේ ප්‍රදේශය ඉතාම දුෂ්කරයි. මේ ගම්වැසියන් වැඩි පිරිසක් ගොවියන්. ඔවුන්ගෙ දරුවන්ට අධ්‍යාපනය ආරම්භ කරන්න ලේක්හවුස් ආයතනයේ මේ පෙර පාසල ඉදිකිරීම විශාල පිනක්. එදා සිට අද දක්වා මෙහි ගුරුතුමිය හැටියට මට ලේක්හවුස් ආයතනයෙන් තවමත් ගෙවීම් කරනවා. මම මුල් අකුරු කියා දී ඉගැන් වූ දරුවන් මගතොටේ මුණගැසුනම ගෞරව දක්වන කොට සිතට ලොකු සතුටක් දැනෙනවා. එහි ගෞරවය හිමි විය යුත්තේ ලේක්හවුස් ආයතනයටයි. මීට අමතරව මිහින්තලේ පතිරාජ තෙන්නකෝන් ප්‍රාථමික විද්‍යාලයේ පිහිටුවා ඇති දිනමිණ බුදුසරණ ළමා දන්ත චිකිත්සාගාරය මගින් එම විද්‍යාලයෙය් පමණක් නොව මිහින්තලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයේ ම පිහිටි පාසල්වල දූ දරුවන්ගේ දන්ත සෞඛ්‍ය සුරැකීමට සුවිසල් මෙහෙයක් සිදුවෙයි. 1993 ජුනි මස 4 වෙනිදින විවෘත කරන ලද මෙම දන්ත චිකිත්සක මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හරහා මිහින්තලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාලය මගින් පාලනය වෙයි. පොසොන් සමයේ දී පමණක් නොව වසරේ සෑම දිනකම පාහේ දිවයිනේ නන්දෙසින් මිහින්තලේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මිහින්තලේ නගරයේ ඉදිකර ඇති ලේක්හවුස් විශ්‍රාම ශාලාව නිසා බැතිමතුන්ගේ නවාතැන් ගැටලුව විසැඳී ඇත. ඒ වෙනුවෙන් අය කරනු ලබන්නේ ද විශ්‍රාම ශාලාවේ නඩත්තු කටයුතු සඳහා පමණක් වැය කිරීමට සුළු මුදලකි. මිහින්තලේ රජයේ රෝහලේ ඉදිකර ඇති රෝහල් වාට්ටුවෙන් සිදුවන මෙහෙය පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලය මෙන් ම ප්‍රදේශවාසීන් ද කතා කරනුයේ ඉමහත් ප්‍රසංශාවෙනි. අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා පුනරුත්තාපනය පිණිස මිහින්තලේ රෝහල වෙත යොමුකර ඇති උතුරු මැද පළාතේ නන්දෙසින් පැමිණි මානසික රෝගීන් විශාල පිරිසකට ලේක්හවුස් ආයතනය තනාදුන් මෙම රෝහල් ගොඩනැඟිල්ල සෙවණ දෙයි.
පොසොන් උත්සවයට සමගාමීව ලේක්හවුස් ආයතනය මෙලෙස මිහින්තලේ ප්‍රදේශයේ දියුණුවට මෙන් ම මිහින්තලා පුදබිමේ ගෞරවය සුරැකීමට ඉමහත් සේවයක් කර තිබේ’ මිහින්තලා රජමහා විහාරයේ අබලන්ව ඇති පැරැණි පොහොය ගෙය වෙනුවට නව පොහොය ගෙයක් ඉදිකිරීම සඳහා මිහින්තලා ආලෝක භාරය හරහා කටයුතු කිරීම ලේක්හවුස් ආයතනය සිදු කරන සද් ක්‍රියාවන් සඳහා සමීපම නිදසුනකි. මහා භාරකාර දෙපාර්තමේන්තුවේ හා ලේක්හවුස් ආයතනයේ බැතිබර දායකත්වයෙන් මෙම පොසොන් පුන් පොහෝදින මිහින්තලේ ප්‍රදේශයේ දහම් පාසල් දරු දැරියන් පන්සියයක පිරිසක් සිල් සමාදන් කරවීමේ මහා ශීල ව්‍යාපාරයක් මිහින්තලා පුදබිමේ දී සිදු කිරිමට නියමිතය. එසේ ම මෙම දරු දැරියන් හට අවශ්‍ය සියලුම සිල්රෙදි හා දානය ලබාදීම ද සිදු කරනුයේ මෙම ආයතනවල අනුග්‍රහයෙනි. ගුණ දහමින් හා යහගුණයෙන් යුත් මතු පරපුරක් බිහිකරලීමේ අරමුණින් මෙම ශීල ව්‍යාපාරය ආලෝක පූජා පිංකම ඇරැඹී මුල් යුගයේ සිට මේ දක්වා සිදු කෙරයි. එපමණක් නොව නැණ නුවණින් පිරි ශ්‍රී ලාංකීය දූ පුතුන්ගේ දක්ෂතා, හැකියාවන් මතුකරලන්නට ඔප් නංවන්නට මෙවරද බුදුසරණ කථික තරග හා රචනා තරග පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ජාතික පොසොන් උළෙලට සමගාමීව පත්තර මහගෙදර මිහින්තලේ පුදබිම හා ප්‍රදේශය වෙනුවෙන් සිදු කළ සිදු කරන මෙහෙයට අමතරව මෙරට ජාතික වශයෙන් මුහුණදුන් උපද්‍රවල දී නොපැකිළිව පෙරටවිත් නොමසුරුව විපතට පත් ජනතාවට ආධාර උපකාර ලබා දී ඇත. ත්‍රස්තවාදී උවදුරු පැවැති සමයේ, සුනාමි ව්‍යසනයේ දී හා මෙම වසරේ ගංවතුර උවදුරින් ජනතාව විපතට පත් වූ අවස්ථා ඒ සඳහා කදිම උදාහරණයි. 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන මෙසමයේ ගෞරවනීය බුද්ධ ශාසනය බබලවමින් දිනෙන් දින දියුණුවේ මං පෙත් කරා යන්නට ලේක්හවුස් ආයතනයට ජනතාවගේ ආශිර්වාදය නිසැකවම ලැබෙනු ඇත.
|
||||||||||||||||
| Contact us | |||||||||||||||||
|
|||||||||||||||||