UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන්ගේ තෙමඟුල හා සබැඳි ස්ථාන පිළිබඳ ඓතිහාසික විවරණය

බුදුරදුන්ගේ තෙමඟුල හා සබැඳි ස්ථාන පිළිබඳ ඓතිහාසික විවරණය

 

වෙසක් පෝදා ( මැයි 10) පත්‍රයෙන්...

බුදුරදුන්ගේ බුද්ධත්වය සනිටුහන් කරනු ලබන ස්ථානය ලෙසින් බුද්ධගයාව සඳහන් කළ හැකිය. උරුවෙල, සම්බෝධි, වජ්‍රාසනය හා මහාබෝධි මැයෙන් නම් කෙරුණු මෙම ස්ථානය 18 වැනි සියවසේ සිට බුද්ධගයා හෝ බෝධිගයා යනුවෙන් ව්‍යවහාරයට පත්ව තිබේ.

සාංචියේ උතුරු දොරටුව අසල ඇති වාහල්කඩ තුළ දක්නට ඇති සුංග හා සාතවාහන යුගයනයට අයත් කැටයම්හි මහාබෝධිය හා මහාබෝධියට කරනු ලබන පූජාවන් ගැන තොරතුරු අන්තර්ගතය. ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන පරිදි බුද්ධගයාවේ මුල් ඉදිකිරීම් ක්‍රි.ව. පළමුවැනි සියවසේ කුෂාන් යුගයට අයත්වන අතර ගුප්ත යුගයේදී ලක්දිව පාලක කිත්සිරිමෙවන් රජු ලක්දිවින් මහාබෝධිය වෙත වැඩම කරවනු ලබන භික්ෂූන්ගේ ඉල්ලීම මත උන්වහන්සේලාගේ සුඛවිහරණය පිණිස මහාබෝධිය සමීපයේ සංඝාරාමයක් ඉදිකිරීමට අවසර පැතූ පුවතක් චීන වාර්තාකරුවෙකුගේ සටහනක දැක්වේ. එමෙන්ම 19 වැනි සියවසින් පසු මෙම ස්ථානයේ කැණීම් කටයුතු කළ ඇලෙක්සැන්ඩර් ඛනිම්හැම් ,ජේ.ඩී. බෙල්ගාර් හා ආචාර්ය රාජේන්ද්‍රලාල් මිත්‍රා වැනි පුරා විද්‍යාඥයින්ගේ වාර්තාවන් තුළත් බුද්ධගයාවේ ඓතිහාසිකත්වය සනාථ කිරීමට අවශ්‍ය පුරාවිද්‍යාත්මක සාධක රැසක් එළිදක්වා තිබේ.

පරිනිර්වාණය හා කුසිනාරාව

ක්‍රිස්තු පූර්ව සවැනි සියවසේ සොළොස්මහ ජනපදයනට අයත් මල්ල රාජ්‍යයේ අගනගරය ලෙසින් සැලකෙන කුසිනාරාව බුදුරදුන්ගේ පරිනිර්වාණය සනිටුහන් කළ නගරය ලෙසින් පරිනිබ්බාන සූත්‍රයේ දැක්වේ. පුරාණයේදී කුසාවතිය නම් වූ මෙම නගරය රාමගේ පුත්වන කුෂ්ව විසින් ගොඩනඟන ලද්දක් බව රාමායනයේ සඳහන්ය. මෞර් සුංග කුෂාණ ගුප්ත හා හර්ෂවර්ධන රාජවංශ පාලන අවධිවලට අයත් නටබුන් මෙම නගරයෙන් ලැබීමත් සමඟ එම පාලකයන් හා කුසිනාරාව අතර පැවැති සම්බන්ධතා කවරාකාරවී ද යන්න අවබෝධ කර ගැනීමට අවකාශයක් එමඟින් ලැබේ.

ක්‍රිස්තු පුර්ව තෙවැනි සියවසේදි අශෝක රජු විසින් මේ ස්ථානයට ගෞරව දක්වා තිබේ.

එමෙන්ම පරිනිර්වාණ විහාරයට කිලෝමීටර් 1.5 පමණ දුරකින් පිහිටි රම්භාර් ස්ථුපය උසින් අඩි 49 ක් පමණවන අතර මෙම ස්ථානය වනාහි බුදුරදුන්ගේ ආදාහනය සිදුකර ස්ථානය ලෙසින් සැලකේ. උප්පත්තිය , බුද්ධත්වය හා පරිනිර්වාණය සමරණ වෙසක් සමයේ බුද්ධ චරිතයට සම්බන්ධ තෙමඟුලට සම්බන්ධ ස්ථාන හඳුනා ගැනීමට හා එම ස්ථානයන්හි ඓතිහාසිකත්කවය පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යයික සාක්ෂි මගින් සනාථවීමත් සමඟ බුද්ධ චරිතය නිවැරදිව අවබෝධ කොට ගැනීමටත් බුද්ධ චරිතය තුළ මූර්තිමත්වූ අල්පේච්ඡතාවය කුමක්ද යන්න නිවැරදිව වටහා ගැනීමටත්, අවකාශයක් සැලසෙන අතර බුද්ධ භූමිය ගැන පැනනගින මතවාදවල නිරවද්‍යතාවය පසක් කර ගැනීමටත් හැකියාවක් ලැබෙන බවද කිව යුතුය.

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk