UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විශාදය නැතිකර ගැනීමේ මග බුදුදහමයි

විශාදය නැතිකර ගැනීමේ මග බුදුදහමයි

වර්තමාන සමාජයෙහි පවතින ප්‍රශ්න, මනෝසාමාජික ගැටලු,විශේෂයෙන්ම මානසික ජීවිතය පදනම් කරගෙන හඳුනාගනී. තරුණ වයස් කාණ්ඩය රටක සංවර්ධනයෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන නිසාම තරුණ ප්‍රජාව රටකට ඉතාම වැදගත් වෙයි. තරුණ වයසෙහිදී බොහෝ සේ අභියෝග ඇතිවෙයි. විශේෂයෙන්ම අධ්‍යාපනය, රැකියාව, විවාහය, පවුල යන කාරණා තුළ තරුණ වයසෙහිදී අභියෝගවලට මුහුණ දීමට සිදුවෙයි.

වර්තමාන තරුණ සමාජයෙහි ප්‍රශ්න බොහොමයක් මතුවී ඇති බව දක්නට ලැබෙයි. සියදිවි නසාගැනීම, මත්වතුර, මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම මිනිස් ඝාතන, සාපරාධ සහ තෘෂ්ණාවට අනවශ්‍ය පරිදි ඇබ්බැහිකම, පවුල් ජීවිතයෙහි ගැටලුවක් වන විවාහ සංස්ථාව දෙදරා දික්කසාදය දක්වා ගමන් කිරීම බොහෝ සේ දක්නට ලැබෙයි. වර්තමාන සමාජයෙහි මෙවැනි සිදුවීම් විලාසිතාවක් බවට පත්ව ඇති බව දක්නට ලැබෙයි. මෙම සියලු කාරණා සඳහා මනෝවිද්‍යාත්මකව සහ බුදු දහමට අනුව කරුණු තුනක් බලපානු ලබයි. භය, දුක, කෝපය යන කාරණා පළමු, දෙවන, තුන්වන කාරණා ලෙස සඳහන් කළ හැකි වෙයි. මනෝවිද්‍යාව මෙම කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර සිට බෞද්ධ දර්ශනය තුළ ඉතාම ගැඹුරින් සාකච්ඡා වෙයි.

බිය පිළිබඳව බුද්ධ දේශනාවෙහි බොහෝ කරුණු කාරණා සඳහන් වෙයි. අතීතයෙහි බියෙන් තැතිගත් බොහෝ මිනිසුන් ගස් ගල් පර්වත සරණ ගිය බවට තොරතුරු බුදු දහම ආශ්‍රයෙන් අසන්නට ලැබෙයි. සෑම පුද්ගලයෙකුම ජීවිතයට ප්‍රිය කරනවා සේම ජීවිතයට ආසා කරයි. දඬුවමට බිය වෙයි. එය බුදු දහමෙහි සඳහන් ඉගැන්වීමක් වෙයි. තරුණ ජීවිතයෙහි භය පදනම් කරගෙන මානසික රෝග බොහොමයක් ඇතිවී තිබෙන බව දක්නට ලැබෙයි. සමාජ භීතිකාව එක් මානසික රෝගයක් වෙයි. සමාජයට යාමට තිබෙන භයයි. ඇතැම් තරුණ තරුණියන් කිසිම දෙයක් සඳහා ඉදිරිපත් වන්නේ නැහැ.ඇතැම් පාසල් දරුවන් බිය නිසාම ඉදිරිපත් නොවී වසන්වෙලා සිටීමට උත්සාහ දරණ අවස්ථා නැතිවාම නොවෙයි.ඇතැම් පිරිස් අස්වාභාවික භය තුළ ජීවත් වෙයි. තමා මරාදමයි යන භය, වයස්ගත වන විට මරණයට තිබෙන භය වැනි කාරණාද දක්නට ලැබෙයි. සද්ධර්මරත්නාවලියෙහි ඉතාම හොඳ බෞද්ධ අද්දැකීමක් සඳහන් වෙයි. තරුණ කාලයෙහි ගව ඝාතනය කළ පුද්ගලයෙකු වයස් ගත වන විට සතෙක් ලෙස දුක්විඳිම්න් ගවයෙක් වගේ කෑ ගසමින් මරණයට පත්වන ආකාරයයි.

මේ ජන්මයෙහි කරන ලද පාපය තවත් ජන්මයකට නොයා මේ ජන්මයෙහිම පළදෙන බව එයින් හැඟෙයි. පුද්ගලයා වැරැදි සිතකින් යමක් කරයිද,වැරැදි සිතින් කරන දේ තමා ජීවත් වන කාලයෙහිම පළ දෙන බවයි. වැරැදි ලෙස පිහිටවූ සිත තමාගේ ජීවිතයෙහි මරණය දක්වාම තමා පසුපස පැමිණෙන බව ධම්මපදයෙහි සඳහන් වෙයි. සෑම දෙයටම සිත මුල්වන බව මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා යන ගාථාවෙන්ද පාහැදිලි වන කාරණාවක්. ධම්මපදයෙහි බොහෝ සෙයින් මනෝවිද්‍යාත්මකව මිනිසාගේ මානසික ජීවිතය පිළිබඳව ගැඹුරු විවරණ ඉදිරිපත් වෙයි. රත්නාවලියෙහි ඉදිරිපත් කරන ලද අත්දැකීම් අනුව මිනිසුන් පව් කරනු ලැබුව හොත් මිනිසුන්ට අත්වන ඉරණම කුමක්ද ? යන වග පැහැදිලි වෙයි. අප වයස් ගත වන විට අපගේ මොළයට සැපයෙන රුධ්ර ප්‍රමාණය අඩුවන බව විද්‍යාත්මකව සැළකිය හැකියි. එම විශාදය තත්ත්වය වයස්ගත වීමත් සමඟ ඇතිවෙයි. තරුණ කාලයෙහි අකුසල් කළ පුද්ගලයන්ට වයස් ගත වීමත් සමඟ ජීවිතයෙහි තමන් කළ පව් මැවි මැවී පෙනෙන්නට පටන් ගනී. අවසාන කාලය තුළ බොහෝ දුකකින් මරණයට පත්වෙයි. නින්ද යන්නේ නැහැ. මාරයන් පෙනෙමින් මාරසංකල්පය එක් පැත්තකින් ක්‍රියාත්මක වෙයි.බුදුදහම අනුව මිනිසාට සදාචාරාත්මක ආගමානු කූල ජීවිතයක් ගත කළ යුතු බවට උපදෙස් දෙනු ලබන්නේ කුමන හේතුවක් නිසාද?තමා අකුසල් කරනු ලැබුව හොත් විශේෂයෙන්ම මානසික ජීවිතය තුළ තමා මානසික රෝගියෙකු වෙයි. විශාදය යන මානසික රෝගය පමණක් නොවෙයි, වැරැදිකළ පුද්ගලයන් ජීවිතයෙහි අවසාන කාලයෙහි සැකයෙන් බියෙන් ජීවත් වෙයි. අපරාධ කරුවන් ජීවිතයෙහි අවසාන කාලයේදී බියෙන් ජීවත් වෙයි.ඇතැමුන් ජීවිතයෙහි අවසාන කාලයේදි සිල්සමාදන් වීමට පෙළඹෙනුයේ ද බිය නැති කරගැනීම සඳහායි.තමා නැවත පිරිසුදු වීමට උත්සාහ කරයි.

පුද්ගලයා තමාගේ තරුණ වයසෙහි සිටම යහපත් ජීවිතයක් ගතකරනු ලැබුවහොත් , තමාගේ චේතනාවන් , තමාගේ සිතිවිලි ඉතාම හොඳ නම්, බියක් දැනෙන්නේ නැහැ.

භය දුක කෝපය පිළිබඳව බුදුදහමෙහි ඉතා හොඳින් සඳහන් වෙයි. භය ඇතිවන්නේ කෙසේද? භය ඇතිවුණාට පසු පත්වන තත්ත්වය කෙබඳුද ? යන කාරණා සඳහන් වෙයි. ධම්මපදයේ පමණක් නොවෙයි. පන්සිය පනස් ජාතක කතා පොතෙහි සඳහන් අත්දැකීම් තුළින්ද ඒ බව පැහැදිලි වෙයි.

දෙවන කාරණාව ලෙස දුක පිළිබඳව සඳහන් කරන විට දුක නිසා සිතට සැනසීමක් නැතිව යයි. දුක යනු ගින්නක්. නවීන මනෝවිද්‍යාෙවිදී දුක මානසික දුක නම්න් හඳුන්වයි.එම මානසික දුක විශාදය යන රෝගයෙන්ද හඳුන්වයි. විශාදය නමින් දුක මහා ගින්නක් බව මනෝවිද්‍යෙවිදී හඳුන්වයි. එම දුක විවිධ මනෝසාමාජික හේතු නිසා හටගනී. බුදුදහමට අනුව මිනිසා අනවශ්‍ය පරිදි තණ්හාෙවි වහලෙක් වූ විට දුක හටගනී. තමාට ලබාගත නොහෙැකි ආසාවන් පසුපස ලුහුබැඳිම නිසා දුක හටගනී. මායාවෙන් වෙළී සිටින විට යථාර්ථය නොපෙනී යාමෙන් සත්‍ය දක්නට නොලැබෙයි. බුදුදහම යථාර්ථවාදී ආගමක් වෙයි. සත්‍ය දැකීමට හැකි මාර්ගය පෙන්වන ආගමක් වෙයි. එම ධර්ම පරම්පරාව සත්‍යමය යථාර්ථය හඳුනාගන්නවා නම්,දුක ඇතිවන්නේ නැහැ. දුක නිසා විශාදය යන රෝගය ඇතිවෙයි. වර්තමානයෙහි පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹෙන්නේද විශාදය නිසයි. විශේෂයෙන්ම තරුණ තරුණියන් මෙම ඛේදවාචකයට ගොදුරු වන ප්‍රවණතාව වැඩි වෙයි. විශාදය හෙවත් දුක නැතිකර ගැනීමේ හොඳම බෙහෙත ඇත්තේද බුදු දහම තුළයි. විශේෂයෙන්ම මැඳුම් පිළිවෙතත්, , ආර්ය ධර්මය අවබෝධ කරගැනීමත්, සත්‍ය ගෙවිෂණයත්, යථාභූථ ඤාණයත් තුළින් මිනිසාට දුක නැති කරගත හැකි බව බුදු දහමෙහි සඳහන් වෙයි. මනෝවිද්‍යාවට අනුව ආසාවන් පසුපස ලුහුබැඳිම නිසා අසහනය ඇති වෙයි. වර්තමානයෙහි දක්නට ලැබෙන රැකියා ගැටලු, ප්‍රේම සම්බන්ධතා කඩවීම්, අධ්‍යාපන ගැටලු, විභාග අසමත් වීම්, දික්කසාදය, පවුල් සංස්ථාවෙහි ඇතිවන අඬදබර, ආදරය බෙදීයාම සියලු දේවල් දුකට හේතුවන නිසා විශාදය හටගනී. මොළයෙහි රසායනිකයන් වෙනස් වීම නිසාත් විශාදය ඇතිවෙයි. අවසානයෙහි මෙවැනි පුද්ගලයන් සියදිවි නසා ගනී. සැළකිය යුතු ප්‍රමාණයක් සියදිවි නසා ගනී. බෞද්ධ රටක් වශයෙන්ද එය එතරම් යහපත් තත්ත්වයක් නොවෙයි බුදු දහමට අනුව සියදිවි නසා ගැනීම පාපයක් වෙයි. ජීවිතයෙහි වටිනාකම පිළිබඳව සාකච්ඡා කළ උත්තරීතර දහම බුදු දහමයි. තමාගේ ස්වාමියා තමාය යන ච්න්තනය වන පුද්ගල කේන්ද්‍රීය දර්ශනයක් ලෙස බුදු දහම හැඳින්විය හැකියි. පුද්ගලයා මනුෂ්‍යයා කේන්ද්‍රකොටගෙන සැම දෙයක්ම නිර්මාණය වෙයි.ජීවිතය වටින නිසාම, ජීවිතයෙහි ස්වභාවය , ජීවිතයෙහි පැවැත්ම පිළිබඳව බුද්ධ දේශනාවෙහි ඇතුළත් කාරණා දුකින් මිදීමට ඉතාම වැදගත් වෙයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් වෙසක් අමාවක පෝදා (මැයි 25වනදා) පත්‍රයේ පළවේ.

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk