Budusarana Online Edition

UNICODE
[UNICODE]

 www.lakehouse.lk/budusarana | බොදු පුවත් . . . |

සන්නස් පත‍්‍ර ප‍්‍රදානය 25 වනදා

ගාල්ල, අක්මීමන, කැටන්දොල ශ‍්‍රී මහින්දාරාමාධිපති හුලංදාවේ රතනසිරි හිමියන් වෙත කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණ සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් තල්පේ පත්තුව උප ප‍්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ අක්ත පත‍්‍ර ප‍්‍රදානය අගෝස්තු 25 වන දා සවස 3 ට ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජ මහා විහාරයේ දී කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය බෙල්ලන ශ‍්‍රී ඤාණවිමල මහ නා හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වේ. අභිනව නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය අක්මීමන, කැටන්දොල ශ‍්‍රී මහින්දාරාමයේ දී අගෝස්තු 26 වන දා සවස 2 ට ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


Print this Article

|| මුල් පිටුව || බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපිය | පෙර කලාප |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk