සදහම් දැනුම

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    අශෝක අධිරාජයා බුද්ධ ධර්මයෙහි අභිවෘද්ධිය තකා වෙහෙසෙමින් මහත් උද්‍යෝගයක් හා දැඩි භක්තියක් ඇති වූ නමුත් අනෙකුත් ආගම්වලට නින්දා අපහාස කළ කෙනෙක් නොවේ. සැබවින් ම ඔහු ආගම්වලට ගරු කොට ලෞකික සැප සම්පතින් ද ඔවුනට සංග්‍රය කළේ ය. මේ අශෝක පිළිවෙත සමකාලීන යුගයේ ජාතික පිළිවෙතක් වූ අතර එම යුගයේ දී ජාත්‍යන්තර ආගමික සහනශීලි පිළිවෙතක් දක්වා ගිය බව දක්වට ලැබෙයි. මේ පිළිබඳව සාධක සහිතව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.01.31)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    බුදු සමයට අනුව යුක්තිය, සාධාරණ පිළිබඳ ආධිපතිත්වය ශක්‍රයාට හිමිවෙයි. ගුත්තිල , සඳකිඳුරු ආදි ජාතක කථාවලදි ඒ බව පැහැදිලිව දක්නට ලැබෙයි. ශක්‍ර පදවිය වටා ගෙතී ඇති සද්ගුණයන් පාලි පොත්හි බෙහෙවින් දක්නට ලැබෙයි. “ මහාලී ලිච්චවී සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවූ සංවාදයෙහි දී මේ පිළිබඳව තොරතුරු රාශියක් එම දේශනයෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.01.22)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    දස කුසලකර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දසපාරමිතා සතර සංග්‍රහවස්තු දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින්ද පළමුවැන්න දානය වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2012.01.16)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට ආගමික සංස්කෘතික සමාජික හා භාෂා සාහිත්‍ය ආදි විවිධ ක්‍ෂෙත්‍ර පුරා විහිදී ගිය යුගල සම්ප්‍රදායයන් ඔස්සේ (මහාවිහාර –අභයගරි) ශ්‍රී ලාංකික භික්‍ෂුව පෙර ගමන්කරුවා බවට පත්විය. ඒ නිසාම උන්වහන්සේ සිංහල භික්‍ෂුව බවට පත්විය. මෙම ප්‍රස්තුතය පිළිබඳ ව විවරණයක් කරන්න.
    (බුදුසරණ 2012.01.01)