අප්‍රමාණව පින්කම් කළත් ඔබ දුස්සීල නම් කොහේටද යන්නෙ...?

විචිත්‍ර වූ පින්කම් අප රටේ අප්‍රමාණ ලෙස සිද්ධ වෙනවා. ඒ වගේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ පින්කම් තුළින් කාරණා 3ක් සිදු වෙනවා කියලා. මෙවැනි පින්කම් තුළින් “දුගතිය” කියන කාරණේ සකස් කරගන්න පුළුවන්. මෙවැනි පින්කම් තුළින් ‘සුගතිය’ කියන කාරණේ සකස් කරගන්න පුළුවන්. මෙවැනි පින්කම් තුළින් “විදර්ශනා නුවණ, ඥානය” කියන කාරණය සකස් කරගන්න පුළුවන්. මේ කාරණා තුනම පින්කමක් තුළ සැඟ විලා තියෙනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

විස්තර

අල්ලස පාපයක්ද?

ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පිරිහුණු මිනිස් සමාජය දුරාචාරවලට තෝතැන්නකි. උගත්කම්වලින් පොහොසත්, ගුණවත්කම්වලින් දුප්පත් මිනිසා දරුණු ගණයේ අපරාධ විවිධාකාරයෙන් සිදු කිරීමට මෙන් ම ඒවා සැඟවීමට ද සමතෙකි. නීතියෙන් පැන යාමට ද හපනෙකි. මක් නිසා ද යත්? ගුණවත්කම්වලින් තොර උගත්කම අපරාධවලට දොරටු විවර කරන බැවිනි. එවැනි මිනිසුන් කරනු ලබන අපරාධ අවම කිරීමට පවතින නීති රීති . . .

විස්තර

බක් පෝය

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර ඵලයන්ගෙන් ගැවැසී ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් පරිවාශිත වූ . . .

විස්තර

නිවන් මඟට පිවිසෙමු

අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආයතන පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබාදී මේ දුක් විඳින සත්ත්වයන් සසර කතරින් එතෙර කරවීමට මොන තරම් කරුණාවකින් ක්‍රියා කළාද? ඇස, කන, නාසය, දිව, කය හා මනස පිළිබඳව මේ තරම් විවරණාත්මක ලෙස ලෝකයේ කිසිදු ධර්මයකින් අපිට ඉගෙන ගන්නට ලැබෙන්නෙ නෑ. කිසිදු ධර්මයක මේ ඉගැන්වීම දකින්නට ලැබෙන්නෙ නෑ.

විස්තර

ඔබ හොඳ තැනක උපදින්න කැමති ද

කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයොනි – කම්මබන්ධු කම්ම පටිසරණා කම්මංසතේත විභජති යදිදං හීනප්පණීත තායාති...” පින්වතුනි, අද ඔබ සැමට මම කියාදෙන්න හදන්නේ සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ විභංග වග්ගයේ චුල්ලකම්මවිභංග සූත්‍රයට අයත් කොටසින් ටිකක්. භෞතිකවාදී චින්තනය ඉක්මවූ අතින්ද්‍රිය විෂය ක්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින බව පෙන්වාදීමයි මෙම සූත්‍රයේ මූලික ලක්ෂණය.

විස්තර

බුදුදහමෙන් අනුමත පද්මාකාර පිළිවෙත

මිනිස් වර්ගයාගේ ජීවන දර්ශකය තුළ බලපාන සන්තානගත සහ සමාජගත දුක පිළිබඳව විවරණය කිරීමේදී බුදු දහමින් අනුමත සමාජ ක්‍රමය ගැන විවරණය කිරීම ඉතා වැදගත් වේ. පද්මය යනු පියුම හෙවත් නෙළුම් මලයි, නෙළුම් විල මෙන්ම එහි සුපිපෙන පද්මයන් ගැන ඉන්දීය ආගමික සාහිත්‍ය තුළද පිවිතුරු බව හඳුනා ගන්නා සංකේතයක් ලෙස කවීන් විසින් වර්ණනා කර තිබේ. පියුම් හටගන්නේ මඩ ගොහොරුවේය. මඩෙහි නොගැටී, නොගෑවී උඩට ඉස්මතු වන්නේය.

විස්තර