Home
2013 අප්‍රේල් මස 03 වැනිදා බදාදා
ලෝවැඩ සඟරාව

ලෝවැඩ සඟරාව

පවට ඉඩ නොදෙන්න

කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ඇඳින එපව් දුරලන උපදේ සේ
නුදුන මැනවි තුන්දොර අවකා සේ

පව් කරන කාලයෙහි මී පැණි මෙන් මිහිරිය. එහි විපාක විඳින කල්හි ගිනිමෙන් දුක් දැඩි වේ. ඒ පව් දුරුකරන්නා වු උපදේශය දැනගෙන කය, වචනය, සිත යන තුන් දොරින් පාපයට අවකාශ නුදුන මැනවි.

නොකටහැකි පිනක් නැත

සෙත සලසන මුනිබණ ඇත සුමි හි රි
ඇත තොපගේ කන් ඇසුමට නොබි හි රි
නැත කරනට පිනකුත් මෙතොපට බැ රි
සතර අපා දුක් වද විඳිනට බැ රි

සෙත සලසන්නා වූ ඉතා මිහිරි වූ බුදුබණද ඇත්තේය. ඇසීමට නො බිහිරි වු තොපගේ කන් ද ඇත්තාහ. තොපට පිනක් කිරීමට බැරිකමෙක්ද නැත්තේය. බැරි දෙය නම් සතර අපායෙහි දුක් විඳීම නොවේද.

කකුළුවාගේ දියකෙළිය වැනි සැපය

ළිප ගිනි මොළවන තෙක් දිය සැ ළියේ
සැප යක් යයි කකුළුව දිය කෙ ළියේ
එප වත් තොප සිතතොත් නොහැකි ළියේ
සැප යක් නම් නැත කම් රස කෙ ළියේ

ළිපේ ගිනි මොළවන තෙක් දිය සැළියේ ලූ කකුළුවා සැපයයි ක්‍රීඩා කරන්නේය. තොප ද හැකිළීමක් නැතිව ඒ කරුණ සිතා බලතහොත් කාමරස ක්‍රීඩාවෙහි සැපයෙක් නම් නැත්තේය.

සසර ආලය දුරලන්න

එකම සතකු තම මව් මළ දුක ටා
වෙනම හැඬූ කඳුලේ බිඳු වල ටා
මෙහැම මුහුදු දිය අඩුවන කල ටා
තවම සසර ආලය ඇය තොප ටා

තමාගේ මව මළා වූ දුකට හැඬුවා වු එකම සත්වයෙකුගේ කඳුළු බින්දු මේ මහා සමුද්‍ර සතරෙහි සියලු ජලයටත් වඩා වැඩිවන කල තවම තොපට සංසාරයෙහි ආලය ඇයිද?

Home